ටොන් ගාණක් වුවත්
එකතු කළ හැකි
ප්‍රතිපූර්ණය කළ නොහැකි
සීතල පාද පත්ලෙහි තැවරුණ
කාබන් වූ...සීතල වූ...
මිනිස් සුසුම්..
ඔය.. ඔය ..ඔබෙත්
නිහඬව සිටින මගෙත්
පා සටහන් අතරෙහි ම
ඇත..
පෙනෙනු නැත..
ඒ සිටවූ පැළ අතර...
_____________________________________
© ඩිලන්ත පණ්ඩුක රත්නායක
2019 ඔක්තෝම්බර්
(නිමිත්ත - ඔවුන් ආඩම්බරයෙන් කියූ ලෙස ඒ ලොව පළමු කාබන් හරණ ජනපතිවරණ ප්‍රචාරක වැඩසටහනයි. 2019 අග ලංකාවේ පැවැත්වුනි. එ දෙස බලා සිටින්නෙමු)
source: http://www.ft.lk/news/World-s-first-carbon-sensitive-environmentally-friendly-election-campaign/56-688820
No comments:
Post a Comment