නොහරිනු ඔය රිය කවුළු
නො බලනු අයදින දෑස් දෙස ඔය ඇවිදින මරණයයි අපි තිරයකින් නැරඹූ... නොයනු එපිටට ඔය පවුරු දොවනු ඇල්කොහොලින් දෑත ම උහු වපුරති විෂ බීජ ඉස්සරත් ඔහොමයි... අර ඇස් කෙවනි තුළ කළු බලන අප දෙස විමසනඇයි මේ අප පසුපසම
දිව යා යුතුය ඈතට...
ගොමස්කඩ ගඳ වෙස් මුහුණු
පිළුනු මුව ඒ තුළ දත් ඇදුන
ඔය ඇවිදින මරණයයි
අපි තිරයකින් නැරඹූ...
මතු මහල මත අප සැඟවුණු
ලියන කවි හෙම පිරි කුසින
හිස් කුස මරණයක අරුම
උන් සුඟක්වත් නොතකයි...
___________________________
© ඩිලන්ත පණ්ඩුක රත්නායක
14.11.2020
අරුත්බර ලස්සන නිර්මාණයක්
ReplyDelete