Friday, November 13, 2020

හිස් කුසැති ඇවිදින මරණ

නොහරිනු ඔය රිය කවුළු

නො බලනු අයදින දෑස් දෙස ඔය ඇවිදින මරණයයි අපි තිරයකින් නැරඹූ... නොයනු එපිටට ඔය පවුරු දොවනු ඇල්කොහොලින් දෑත ම උහු වපුරති විෂ බීජ ඉස්සරත් ඔහොමයි... අර ඇස් කෙවනි තුළ කළු බලන අප දෙස විමසන
ඇයි මේ අප පසුපසම
දිව යා යුතුය ඈතට... ගොමස්කඩ ගඳ වෙස් මුහුණු පිළුනු මුව ඒ තුළ දත් ඇදුන ඔය ඇවිදින මරණයයි අපි තිරයකින් නැරඹූ... මතු මහල මත අප සැඟවුණු ලියන කවි හෙම පිරි කුසින හිස් කුස මරණයක අරුම උන් සුඟක්වත් නොතකයි... ___________________________ © ඩිලන්ත පණ්ඩුක රත්නායක 14.11.2020





1 comment: