විවේක මනස සතුටු සිත සහ ගුරුවරු
______________________________________
විවේක මනස අධ්‍යාපනය සමඟ, ඉගෙනුම සහ ඉගැන්වීම සමඟ පැවතිය යුතු අනිවාර්ය පදනමක්. එය තීරණය කරන සාධක බොහොමයක් තිබෙනවා. එක් ගුරුවරයෙකු ට ඇති වැඩ ප්‍රමාණය, ඔහුට/ඇයට ජීවත් වීමට සහ සංස්කෘතික ජීවිතය පවත්වාගෙන යාමට ඇති ආදායමේ ප්‍රමාණවත් බව එයින් කිහිපයක්. (මේ සංස්කෘතික ජීවිතය ගතකිරීම අධ්‍යාපනයේ වැදගත් සාධකයක් බව ගුරුවරුන්වත් කල්පනා නොකරන දෙයක්.ඒක ඒ අයට අමතක වෙලා.)
අවිවේකය සහ අතෘප්තිමත් මනස අධ්‍යාපනය තුළ ඇති කරන ගැටළු බොහොමයි. (ඒව ගැන කවුරුවත් සීරීයස් නැහැ) මේ හැම දෙයක්ම නොවුනට ඒක විසඳගන්න තියෙන මූලිකම උත්තරය තමයි තමන්ගේ ආදායම. බොහෝ රටවල ගුරුවරයා ට වැඩි වැටුපක් ගෙවන්නෙ අර කියූ විවේකය අනාගතයක් ගොඩනැඟීමේ විශාල පදනමක් වන නිසා. බාහිර පීඩනය උපරිමව අවම කරන්න ට ඕන නිසා. (ගුරුවරයට පමණක් නොවේ එය සිසුවටත් අදාළයි)
ඒ අනුව ලංකාවේ ගුරුවරයා ට මේ කියන දේවල් එක්ක සංස්කෘතික වනවා තබා සාමාන්‍ය ජීවිතයවත් පවත්වාගෙන යන්නට අසීරු බව තමා පෙනී යන්නේ. ප්‍රථිඵලය වන්නේ තම වගකීම සහකම්පනයකින් තොරව යානත්‍රිකව ඉටුකරන, අභිමානය භින්න වූ, වෘත්තීය සංවර්ධනය අතහැරදැමූ ගුරු භූමිකාවක්. (සමහරවිට අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව අසංවේදී, දරුවන් ට තඩි ගහන, පරුෂ වචනයෙන් බනින අනුකම්පා සහගත පංචස්කන්ධයක්.) එතකොට අනාගත පරම්පරාවක්ම ඉදිරියට රැගෙන යන්නේ මේ අති සෘණාත්මක බලපෑමේ දායාදය.
ඔවුන් ට කාලකන්නි කියා බනින අය නොකියන සත්‍ය ඒක. ඔවුන් කාලකන්නි කර ඇත්තේ ඒ බනින අයම සහ එය විමසන අපේ සමාජයම බව අපටත් මතක නැහැ.
මටනම් ගුරුවරුන් දෙවියන් නොවේ. නමුත් ඔවුන් ගේ සතුටු විවේක මනස අනාගතයකට විශාල පදනමක් හදාවි. ඔවුන්ගේ මෙහෙය අධි තක්සේරු නොකළාට අවතක්සේරු කරන්න ට කාටවත් අයිතියක් නැහැ. ඒකෙ වැදගත්කම සසඳන්න බැහැ. මොකද එහි ඵලය අවසානයේ දරන්නෙ මේ රටේ අනාගතය නිසා.
ඩිලන්ත පණ්ඩුක රත්නායක
23.07.2021

No comments:
Post a Comment