කට කියවන ලියන
සෙළවෙන රවන
හිස්ගෙඩි..
සෙළවෙන රවන
හිස්ගෙඩි..
එළි තැන නොදැන
අඳුරට ම හුරු වූ
ඇස් ගෙඩි..
යව එව නවතුව
අණකට ම කීකරු
බැටළු සිතුවිලි..
ගුරු සඳ නොතැවෙව..
නුඹ ම තැනූ උන්ටය
ඒ සීතල උරහිස් අයිති..
නොහරිනු ඔය රිය කවුළු
නො බලනු අයදින දෑස් දෙස ඔය ඇවිදින මරණයයි අපි තිරයකින් නැරඹූ... නොයනු එපිටට ඔය පවුරු දොවනු ඇල්කොහොලින් දෑත ම උහු වපුරති විෂ බීජ ඉස්සරත් ඔහොමයි... අර ඇස් කෙවනි තුළ කළු බලන අප දෙස විමසනටොන් ගාණක් වුවත්
© ඩිලන්ත පණ්ඩුක රත්නායක
2019 ඔක්තෝබර්
(Inspired by two years old child who were stuck in a deep ground hole in southern India and ended as a tragedy; his death while the whole country struggling in a rescue mission)
https://www.nytimes.com/2019/10/29/world/asia/india-boy-well.html